Saturday, April 20, 2024

General line - 0115112241

කුසල් ජනිත්ටත් ශූරයන්ගේ කුසලානයේ මීළඟ තරගය අහිමි වීමේ අවදානමක් 




ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. 

ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ කුසල් ජනිත්ගේ පාදයේ මතුව ඇති ආබාදයක් ඊට හේතු වී ඇති බවයි. 

ඊයේ ඉන්දියාව සමග පැවති තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටි කුසල් ජනිත් පෙරේරා පාදයේ මතුවූ ආබාදය හේතුවෙන් අතරමග පිටියෙන් ඉවත් වුණා. 

ඒ වනවිට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47ක්. මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළඹෙන 12 වැනිදා පකිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි.