Wednesday, April 24, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය මැතිවරණයෙන් පාලක පක්ෂයට බහුතරය අහිමි වෙයි




බ්‍රහස්පතින්දා (08) පැවැත්වුණු මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට මෙතෙක් පැවති බහුතර බලය අහිමිවීමෙන් අනතුරුව පදවියෙන් ඉල්ලා අස්වන මෙන් අගමැතිනි තෙරේසා මේ ට බලපෑම් එල්ලවෙමින් තිබෙනවා.

අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බව ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් දැනටමත් ප්‍රකාශ කර ඇති අතර අගමැතිනිය එය ප්‍රතික්ෂේප කරයි.

අගමැතිනිය සිය පදවිය පිළිබඳව "සලකා බැලිය යුතු" බව කොන්සර්වේටිව් පක්ෂයේ ඈන් සෝල්බරි මන්ත්‍රීවරියද කියා සිටියාය.

රටේ ස්ථාවරභාවය පිණිස තවදුරටත් පදවියේ රැඳී සිටින බව අගමැතිනියගේ ස්ථාවරය වී තිබේ.

කෙසේ නමුත් සිකුරාදා දිනය ඇතුළත ඇයට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවට ආර්ථික සහ දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

පසුගිය පාර්ලිමේන්තුවේ දිනාගෙන සිටි බහුතර බලය අහිමි වුවත් වත්මන් පාර්ලිමේන්තුවේ ද වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත් තනි පක්ෂය කොන්සර්වේටිව් පක්ෂයයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වේටිව් පක්ෂයට මේ මැතිවරණයේ දී ආසන 315 ක් හිමි වී තිබෙන අතර ලේබර් පක්ෂය ආසන 261ක් හිමිකරගෙන ඇත.