Thursday, March 28, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රතිපලයෙන් බ්‍රිතාන්‍යය අර්බුධයක! තෙරේසා මේ බකිංහැම් මාළිගයට යයි!




බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ප‍්‍රතිපලයෙන් ලැබුණ ද තමන් ධුරයෙන් ඉවත් නොවන බව බි‍්‍රතානය අගමැතිනි තෙරේසා මේ පවසනවා. ඇය මේ බව කියා සිටියේ අගමැතිනිය ධුරයෙන් ඉවත් විය යුතු බවට ප‍්‍රතිවාදී පක්ෂය දිගින් දිගටම සිදු කරන ප‍්‍රකාහවලට ප‍්‍රතිචාර දක්වමින්.

බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණයේ අවස්න ප‍්‍රතිපලයට අනුව. කිසිදු පක්ෂයකට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට  හැකි වූයේ නැහැ. ආසන 650කින් යුත් බහුතර බලයක් ලබා ගැනීමට නම් එක් පක්ෂයක් ලබා ගත යුතු ආසන සංඛ්‍යාව 326ක්. කෙසේ වෙතත් අවසන් ප‍්‍රතිඵලයට අනුව පාලක කොන්සවේටිව් පක්ෂය ලබා ගෙන ඇත්තේ ආසන 318ක් පමණයි. ලේබර් පක්ෂය ආසන 262ක් ලබා ගෙන සිටිනවා. 

ඒ අනුව, බි‍්‍රතාන්‍යයේ පාලනය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ගැටලූකාරි තත්ත්වයකට පත්ව ඇති අතර, ඒ පිළිබඳ සාකච්ඡාකිරීම සඳහා අගමැතිනි තෙරේසා මේ බකිංහැම් මාලිගයට යාමටද නියමිතයි.