Thursday, April 25, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ කාන්තා බලය ඉහළට




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව වාර්තාගත මන්තී‍්‍රවරියන් සංඛ්‍යාවක් මෙවර එරට පාර්ලිමේන්තුවට තේරීපත්වී තිබෙනවා. එම සංඛ්‍යාව 208 ක්. ඉකුත් වර 2015 පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 191 ක්. මෙවර පාර්ලිමේන්තුවට ඇතුළත් වූ  මන්තී‍්‍රවරියන්ගේ සංඛ්‍යාව සමස්ත මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවෙන් සියයට 32 ක් වනවා. 

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මුළු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 650 ක්. මෙවර වැඩිම මන්තී‍්‍රවරියන් සංඛ්‍යාවක් තේරි පත්වී ඇත්තේ ලේබර් පක්‍ෂයෙන්. එය සියයට 45 ක්. මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් කොන්සවේටිව් පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ සියයට 21 ක් පමණයි.

මේ අතර මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනිමට නොහැකි වීම හේතුවෙන් කොන්සවේටිව් පක්ෂයට අයත් බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, තීරණය කළේ සභාග ආණ්ඩුවක් පිහිටුවීමටයි. ඒ, ආසන 10 ක් දිනාගත් ඩිමොක‍්‍රටික් යුනියනිට් පක්‍ෂය සමග එක්වයි. කොන්සවේටිව් පක්‍ෂය දිනාගත්තේ ආසන 318 ක් පමණයි.