Wednesday, April 24, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ පෙරළිකාර ක්‍රිකට් ජය - කාබුල් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්ට




එක්දින කි‍්‍රකට් පිටියේ තවත් පෙරළිකාර ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (10) සමත් වුණා. ඒ, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව් කණ්ඩායමට රැස්කර ගත හැකි වුයේ ලකුණු 149 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දග පන්දු යවන කී‍්‍රඩක රෂීඞ් ඛාන් පන්දුවාර 8 යි පන්දු 4 කදී ලකුණු 17 කට කඩුලූ 7 ක් බිද හෙළුවා. එය සටහන් වුයේ කිසියම් පන්දු යවන්නෙකු එක්දින පිටියේදී වාර්තා කළ සිව් වන විශිෂ්ඨතම පන්දු යැවීම ලෙසයි.

තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් පසු රෂීඞ් ඛාන් ප‍්‍රකාශ කළේ තමන් ලැබූ මෙම සම්මානය කාබුල් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් පුද කරන බවයි.