Saturday, April 20, 2024

General line - 0115112241

ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවෙක් රෝහලේ (PHOTOS)




ගුරුවරයෙකු පහරදුන් බව පවසා හැටන්, නෝර්වුඞ් ප‍්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් වි තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසියට පැමිණිල්ලක්ද සිදුකිරීමෙන් අනතුරුවයි.

එහි දැක්වෙන්නේ එම ගුරුවරයා තමාගේ ඔළුවෙන් අල්ලා බිත්තියක හප්පා මෙම පහරදිම සිදුකළ බවයි.

ඊට හේතුවූයේ පාසල් බාහිර කි‍්‍රයාකාරකම්වලට තමා සහභාගි නොවීම බව අදාළ සිසුවා පොලීසියට ප‍්‍රකාශ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.