Thursday, March 28, 2024

General line - 0115112241

තණ ලොරියක් පාර වසයි (PHOTOS)




තලවාකැලේ සිට ඩයගම සත්ත්ව ගොවිපළ දක්වා ටොන් විසි අටක තෘණ ප‍්‍රවහානය කළ කන්ටේනර් රථයක් තලවාකැලේ ඩයගම ප‍්‍රධාන මාර්ගයේ නාගසේන තුනේ කණුව ප‍්‍රදේශයේ එක් පසකට ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (10) උදෑසන 8.00 සිට සමිපුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ලිදුල පොලිසිය පවසනවා. 

එම කන්නටේර් රථය ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති නිසා එම කන්නටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් එම මාර්ගයේ ධාවනය වන සැහැල්ලූ වාහන පමණක් තලවාකැලේ තේ පර්යේෂණ ආයතන මාර්ගයේ හෝ තලවාකැලේ නානුඔය මෙරායා මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.