Saturday, April 20, 2024

General line - 0115112241

පකිස්ථානය සමග තරගය ගැන කලමණාකරු කියන කතාව




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැත්වෙන මීළග තරගය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඒ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මෙම තීරණාත්මක තරගය කාඩිෆ් කී‍්‍රඩාංගණයේදී ලබන සදුදා පැවැත්වෙනවා. නවසීලන්තය පරදා බංග්ලාදේශය ඊයේ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත්තේද මෙම කී‍්‍රඩාංගණයේදීයි.

මේ අතර එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ඒ කාණ්ඩයේ තීරණාත්මක තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා. තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තබාගැනීමට නම්  ඕස්ටේ‍්‍රලියාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා. තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත්වුවහොත් බංග්ලාදේශය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති. එංගලන්තය දැනටමත් ඒ කාණ්ඩයෙන්් ඉදිරි වටයට සුදුසුකම් ලබා අවසන්.