Saturday, April 20, 2024

General line - 0115112241

සංවේදී අවසානයක් සමඟින් උසේන් බෝල්ට් ධාවන ඉසව්වකට සමුදෙයි (VIDEO/PHOTOS)




ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන උසේන් බෝල්ට් තම මව් රට වන ජැමෙයිකාවේ දී අවසන් වරට මීටර් සියය ඉසව්වකට සහභාගී වෙමින් එම ඉසව්වේ සමුගැනීමට සටහන් කර තිබෙනවා. 

ඒ, සංවේදී අවසානයක් ද සමඟයි. මෙම තරගය ද ජයගත් බෝල්ට්, ඉසව්ව නිම කළේ තත්පර 10 යි දශම බින්දුවයි තුනකින්. 

තරගය නිම කිරීමෙන් අනතුරුව අවසන් රේඛාව සිපගත් ඔහු රැුස්ව සිටි තිස් දහසකයට අධික පේ‍්‍රක්ෂකයින්ට සිය ආචාරය පුද කරනවාත් සමඟ පේ‍්‍රක්ෂකාගාරයෙන් උසේන් බෝල්ට්ට හිමි වූයේ උණුසුම් සහ සංවේදි ප‍්‍රතිචාරයක්. 

මීටර් සියය සහ මීටර් දෙසියය ඉසව් දෙකෙහිම ලෝක වාර්තාවට හිමිකම් කියන ඔහු ඔලිම්පික් රන් පදක්කම් අටකට ද හිමිකම් කියනවා.