Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසු දකුණු අප්‍රිකානු නායකයා ගත් තීන්දුව




තමා තවදුරටත් හොඳ නායකයෙකු බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක එ බී ඩිවිලියස් පවසනවා. 

කණ්ඩායම ඉදිරියට ගෙන යාමේ හැකියාව තමා සතු බව තවදුරටත් විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. 

කෙසේ හෝ ලෝක කුසලානයක් තම රටට දිනා දීම අරමුණ බව ද ඩිවිලියස් පවසා තිඛෙනවා.

2019 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා කණ්ඩායම් මෙහෙයවීමට තමන් සූදානම් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. 

ඒ බී ඩිවිලියස් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව හමුවේ ඊයේ ලද පරාජයෙන් පසු සිය අනාගතය පිළිබඳ  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. 

අයි සී සී තරගාවලි 13කට ක්‍රීඩා කර ඇති ඩිවිලියස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන්ට මෙතෙක් සාර්ථක වීමට හැකි වී නැහැ.