Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ බිරිද සහ පුතා පළමු වරට ධවල මන්දිරයේ පදිංචියට එයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිද වන මෙලානියා ට්‍රම්ප් සහ පුතු වන බාරොන් ට්‍රම්ප් පළමුවරට ධවල මන්දිරයට අද (12) පැමිණියා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වී මාස 05කට පසුවයි ඔවුන් ධවල මන්දිරයට පැමිණ ඇත්තේ. 

ජනාධිපතිවරයාගේ පුතුගේ පසුගිය පාසල් වසර අවසන්වීමෙන් පසු මෙලෙස පැමිණීමට තීරණය කර තිබෙනවා.

මෙලානියා ට්‍රම්ප් සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙම නව පදිංචිය තමන්ට ඉතා සතුටුදායක එකක් වනු ඇති බවයි. 

ඇය ධවල මන්දිරයට නොපැමිණීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කථා බහක් ද හට ගෙන තිබුණා.