Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථානයට එරෙහි තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ




ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග අද පැවැත්වෙන තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
 
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් කණඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. 

නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරතින සහ ධනංජය ද සිල්වා සංචිතයට ඇතුළත්. 

දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ සීකුගේ ප්‍රසන්න ද සංචිතයට ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කළේ. 

බොහෝ දුරට ධනංජය ද සිල්වා ට හෝ සීකුගේ ප්‍රසන්නට අද තරගයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇති.