Wednesday, April 24, 2024

General line - 0115112241

කාසියේ වාසිය ගත් පාකිස්තානය පිත්ත ලංකාවට දෙයි




අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරඟය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්ථානයටද තීරණාත්මක වනු ඇති.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගවලදී 147 වතාවකදී එකිනෙකා මුණගැසී ඇති අතර, එහිදී පාකිස්තානය තරඟ 89ක්  ද ශ්‍රී ලංකාව තරඟ 58ක් ද ජය ගෙන තිබෙනවා.