Tuesday, April 23, 2024

General line - 0115112241

වෙනසක් ගැන මැතිව්ස්ගෙන් ඉඟියක්




සිය කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩකයන් විටින්විට දක්‍ෂතා දැක්වීම පිළිබඳ ඉදිරියේදී සලකා බැලිය යුතු බව ශ‍්‍ර‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

පාකිස්තානය සමග ඊයේ (12) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිව්ස් මේ පිළිබඳ අදහස් පළ කළා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් සඳහන් කළේ කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තුන්ඉරියව් ලෙස වර්ග කිරීමකට වඩා වැඩි අංශයන් ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවයි.

ඉදිරියේදී බොහෝ දේ වෙනස් කර ගනිමින් ගමන් කිරීමට සිදු වෙන බවද ඔහු පැහැදිළි කළා.