Saturday, April 20, 2024

General line - 0115112241

කල්දැමූ විභාගවලට දින දෙයි




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ විභාග කිහිපයක් නැවත පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ජූලි මස 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අපේක්‍ෂකයන් අනූ තුන්දහස් නවසිය පනස් දෙදෙනෙකු පෙනි සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.  

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ තුන්වන සේවයට බදවා ගැනීමේ සීමිත තරග විභාගය ජූලි මස 23 වැනිදා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය ජූලි මස 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.