Wednesday, April 24, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ සහන සැපයූ හමුදා සාමාජිකයනුත් අනතුරේ (VIDEO)




බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග සිදුවූ නායයෑම් සහ වෙනත් අනතුරු හේතුවෙන් සියයට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

බංග්ලාදේශයේ ගිණිකොන දිග කලාපයේ මෙම නායයෑම් සිදුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

තවත් පිරිසක් අතුරුදන්ව සිටිනවා. 

චිතගොන් ප්‍රදේශයේදී ආපදා සහන සේවයේ යෙදී සිටි  එරට ආරක්ෂක අංශ සාමාජිකයන් සිව්දෙනෙකු හදිසියේ සිදුවූ නායක්  යාම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා.


මේ අතර  තවත් ස්ථානයකදී ආපදා සහන සේවයේ යෙදී සිටි හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා තවත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.