Wednesday, April 24, 2024

General line - 0115112241

පාකිස්තානය ජයග්‍රහණයට ළඟා වෙයි (UPDATE)




ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු, අවසන් පුර්ව තරගයේ එංගලන්ත ඉනිම 211 කට සීමා කිරීමට පකිස්ථානය සමත්වුනා.

කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49 යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 211ක් රැස් කළා.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණ 173 ක් රැස් කරගෙන සිටිනවා.

----------------------------------------------

පාකිස්තානය එංගලන්තයේ කඩුලු 02 ක් උදුරාගනී

(2017 - 06 - 14 16:27)

ශූරයන්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වනවිට පැවැත්වෙනවා.

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග මෙහිදී තරග වදින්නේ පාකිස්තාන කණ්ඩායමයි.

කාඩිෆ්හි සොෆියා ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදි කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්තානය සමත් වුණා.

ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින එංගලන්තය පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටිනවා.