Friday, March 29, 2024

General line - 0115112241

කරාපිටියේ තවත් විශ්මිත සැත්කමක් (PHOTOS)




පොල් ගසකින් ඇද වැටී පුද්ගලයෙකුගේ කකුලේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ඇනී තිබු අඩි පහක් පමණ දිග උලක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී විස්මිත සැත්කමකින් ඉවත් කිරිමට හැකි ව තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ අගුණකොලපෑලැස්ස උස්වැව පදිංචි එදිරිගේ පියසිරි නැමැති 55 හැවිරිදි සිව්දරු පියෙකු බවයි සඳහන් වන්නේ.

මෙම අනතුරෙන් මොහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශය පසාරු කර ගෙන ගොස් එම උල ඇනී තිබූ බවයි වෛද්‍ය රංජුක උබේසිරි සඳහන් කළේ.

තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුලු කිරීමෙන් පසුව උලත් සමග යළි කරාපිටිය ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

එහිදී පැය දෙකහමාරක් තිස්සේ කරන ලද විස්මිත සැත්කමකින් පසුව කකුලේ ඇනී තිබූ උල ඉවත් කිරීමට හැකිව තිබෙනවා.

රෝගියා තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.