Tuesday, March 19, 2024

General line - 0115112241

ලැබුණු පුටුව ගැන තෙවරප්පෙරුමත් අවුලෙන් (VIDEO)



අමාත්‍යංශ බෙදා දීමේ දී වඩා වැදගත් වන්නේ ඉන් රටට සිදු කළ හැකි සේවය බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

ඔහු කියා සිිටියේ එක් එක් පුද්ගලයින් සතුටු කිරීම සඳහා තනතුරු බෙදාදීම සිදු නොකළ යුතු බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (14) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ  නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

අමාත්‍යංශ බෙදා දී ඇති ක‍්‍රමවේදය සම්බන්ධයෙන් දරන්නේ කුමන මතයක්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.