Thursday, March 28, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ලකුණු 265ක ඉලක්කයක්




ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07ක් දැවී ලකුණු 264ක් ලබා ගැනීමට සමත් වුණා. ආරම්භක පිතිකරු සොවුම්‍ය සකාර් ලකුණු නොලබා දැවී ගියා. ඒ බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන්. තමීම් ඉක්බාල් ලකුණු 70ක් රැුස් කළා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 61යි. 

-----------------------------------------------

ඉන්දියාව පන්දුව අතට ගනී

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසාන පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්නදුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ඇරයුම් කළා.

පක්ස්ථානය මේවන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.