Friday, March 29, 2024

General line - 0115112241

චීනය රියදුරන් රහිතව ධාවනය වන හයිබ්‍රිඩ් දුම්රියක් නිපදවයි (PHOTO/VIDEO)




චීනයේ ඛ්අඅඛ් නැමැති රේල්ලු සමාගමක්, බසයක් සහ දුම්රියක් යන වර්ග දෙකම භාවිත කළ හැකි ඔටෝ ධාවනය වන වාහනයක් නිමවා තිබෙන බව විදේස් මාධ්‍ය වාර්ථා කරනවා.

මෙයට බසයක් ලෙස මහමාර්ගවල ගමන් කිරීමේ හැකියාව තිබෙන බවයි සඳහන් වෙන්නේ.

නමුත් මෙයට කෝච්චි පෙට්ටි මෙන් මගී ප්‍රවාහන ප්‍රමාණයේ අවශ්‍යතාව අනුව පහසුවෙන් පෙට්ටි එකතු කිරීමේ සහ අඩු කිරීමේ හැකියාවත් තිබෙනවා. 

එම එක පෙට්ටියකට මගීන් 100ක්  රැගෙන යා හැකියි.

සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් බලයෙන් ධාවනය වන මෙම බස් දුම්රිය චීනයේ සුසවූ නගරයේ 2018 සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.