Tuesday, April 23, 2024

General line - 0115112241

“යූ ආර් අ ලීඩර්" විසිර යාමේ උත්සවය අද (UPDATE) (PHOTOS)




පස්යාල මහා විද්‍යාලයේ පැවති නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ විසිර යාමේ උත්සවය අද (19) පැවැත්වෙනවා. 

ඒ දෙදින කඳවුරට එක් වූ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන්. 

මෙම වැඩසටහන ඔස්සේ තමන් ලද අත්දැකීම් පිළිබඳ ඊට එක් වූවන් පල කළේ මෙවන් අදහසක්.

පස්යාල මහා විද්‍යාලයේ දී අද අවසන් වන්නේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහන් මාලාවේ 18වන වැඩසටහනයි. 

------------------------------------------------------

“යූ ආර් අ ලීඩර්" තුළින් මව්පියන්ට විශේෂ දේශනයක් අද (PHOTOS) (18-06-2017 / 07:32)

පස්යාල මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහනේ අද (18) දෙවන දිනයයි.

ඊට සහභාගි වී සිටින දරු දැරියන් පළමු දිනය තුළම සිය නායකත්ව ගුණාංග හා පෞර්ෂ්‍ය ලක්‍ෂණ දියුණු කර ගනිමින් ඉහළ ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලයද දරුදැරියන්ගේ මව්පියන්ද කියාසිටියා.

මෙම දරු දැරියන් ඊයේ රාති‍්‍ර නින්දට ගියේ ගිණිමැල සංදර්ශනයක සොදුරු මතකයද රැගෙනයි.

දරුදැරියන්ගේ මව්පියන් සඳහා වන දේශනයක්ද නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ පස්යාල මහා විද්‍යාලයේදී අද පැවැත්වෙනවා.

පස්වරු 2.30 ට එම දේශනය ආරම්භවීමට නියමිතයි. විභාගවලින් ඉහළ ලකුණු ලබාගැනීමට සහ දරු දැරියන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට මගපෙන්විය යුතු ආකාරය පිළිබඳ මෙහිදී මව්පියන් දැනුවත් කෙරෙනු ඇති. උනන්දුවක් දක්වන  ඕනෑම මවකට හෝ පියෙකුට එම දේශණයට සහභාගිවීමට හැකියාවද පවතිනවා.











 

----------------------------------------------

“යූ ආර් අ ලීඩර් -18“ පස්යාලේදී අද ඇරඹෙයි

(2017 - 06 - 17 05:53)

නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහනේ 18 වැන්න අද (17) ආරම්භ වුණා. ඒ පස්යාල මහා විද්‍යාලයේදීයි. සිසු සිසුවියන් සඳහා වන දෙදින නේවාසික කඳවුරක්, විභාගවලට සූදානම් විය යුතු ආකාරය පිළිබඳ මග පෙන්වන දේශනයක්, ගද්‍ය සහ පද්‍ය රචනා සහ චිත‍්‍ර තරගයක් ද ඊට ඇතුළත් වනවා. ගුරුවරුන් සඳහා සහ මව් පියන් සඳහා ද දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමට නියමිතයි. 

පස්යාල මහ විද්‍යාලයේ පැවැත්වෙන යූ ආර් අ ලීඩර් වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර සඳහා සිසු සිසුවියන් සියයකට ආසන්න කණ්ඩායමක් සහභාගි වී සිටිනවා. අලූයම කෙරුණු ලියාපදිංචි කිරීම්වලින් පසු ඔවුන් වැඩසටහනෙන් පසුව ශාරීරික ව්‍යායාම වලින් වැඩසටහන ආරම්භ වුණා.