Wednesday, April 17, 2024

General line - 0115112241

ජර්මනිය එක්සේසත් කළ නායකයා මියයයි




ජර්මනියේ හිටපු චාන්සරලර් හෙල්මුට් කොල් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87ක්. බෙදී වෙන්වී තිබූ ජර්මනිය යළි එක්සත් කිරීමේ පළමු පියවර තැබූ පුද්ගලයා ලෙස හෙල්මුට් කොල් සැලකෙනවා.

ඔහු 1982 වසරේ සිට 1998 දක්වා වසර 16ක කාලයක් ජර්මන් චාන්සලර් ධුරය හොබවනු ලැබුවා. යුරෝපය තුළ තනි මුදල් ඒකකයක් ලෙස යුරෝ මුදල් ඒකකය හදුන්වා දීමට ද දායකත්වය ලබා දුන් අයෙකු ලෙසයි හෙල්මුට් කොල් සැලකෙන්නේ.