Wednesday, April 24, 2024

General line - 0115112241

දෙවිවරු එකම තැන සිටිද්දී බෙදෙන මිනිස්සු ගැන ආණ්ඩුකාර කතා කරයි (PHOTOS)




පන්සලේ සාදා ඇති පත්තිනි,කාලි,විෂ්ණු,ගණ යන දෙවිවරු එකට එක තැනක වාසය කළ ද  ඒවා වැඳ පුදා ගැනීමට යන මිනිසුන්ට  සහජීවනයෙන් ජීවත් වීමට නොහැකි ඇයිදැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විමසා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් එකට වැඩ සිටින සේ එම දෙවියන් අදහන මිනිසුන්ටත් එකාමෙන් එකට  ජීවන ගමන ඉදිරියට ගෙන යා හැකි බවයි.

යාපනය අන්තර් ආගමික කමිටුව මගින් තෙවැනි වරටත් පවත්වනු ලැබූ පහන් කුඩු තරගාවලියේ ත්‍යාග ප්‍රධානය  නල්ලුර් කෝවිල අසල මණ්ඩපය තුලදී පැවැත්වූ අතර ඊට එක්වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මේබව සඳහන් කළා.


මෙම උත්සව අවස්ථාවට සර්ව ආගමික නායකයින් මෙන්ම   උතුරු පළාත් යුද හමුදා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද එක්ව සිටියා.