Tuesday, March 19, 2024

General line - 0115112241

තමිල්නාඩු මහ ඇමතිටත් බහුතරය පෙන්වන්න වෙලා




තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නව ඡන්ද විමසීමකින් තමන්ට බහුතර බලයක් ඇති බව පෙන්වන්නැයි විපක්ෂ ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින්, මහ ඇමති පලනිස්වාමිට අභියෝගයක් සිදු කර තිබෙනවා. 

තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ වෙත ඔහු මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 
ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය නියෝජනය කරන මහ ඇමති පලනිස්වාමි අසාමාන්‍ය සිදුවීම් සමුදායකින් අනතුරුව තේරී පත්වූ බවත්, ඔහු ඒ සඳහා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදී ඇති බවත් ස්ටාලින් එම ලිපිය මගින් චෝදනා කර තිබෙනවා.