Wednesday, April 17, 2024

General line - 0115112241

පුනි 21 නිකුත් වන OnePlus 5 හී විශේෂතාවයන් මෙන්න  (PHOTOS)




OnePlus සමාගමේ වසරකට වරක් නිකුත් කරන ස්මාට් ෆෝනය මෙම වසරේ හඳුන්වන්නේ ෆ්ලෑග්ෂිප් කිලර් ලෙසය. 

පෙර වසරේ OnePlus 3 උපාංගයෙන් අනතුරුව OnePlus 4 නමින් උපාංගයක් වෙළඳ පොළට හදුන්වා දුන්නේ නැත.  

OnePlus සමාගම ඔවුන්ගේ දැනට වෙළඳ පොළ පවතින නවතම උපාංගය නිකුත් කරන්නේ OnePlus 3T ලෙසින්. 

එය ඉහළ රසික ආකර්ෂණයක් දිනාගන්නා අතර ඇන්ඩ්රොයිඩ් ස්මාට් ෆෝනයන්හි ප්‍රධානතම තරගකරුවා වන Apple සමාගම නිකුත් කරන iPhone S සංස්කරණයන්ට ඉංග්‍රීසි හෝඩියේ එක් අකුරක් ඉහළ නංවමින් T අකුර තෝරාගෙන කළ නාමකරණයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවත් මීලඟ ෆ්ලෑග් ෂිප් කිලර් උපාංගය ලෙස OnePlus 5 ස්මාට්ෆෝනය ලබන 21 වැනිදා නිල වශයෙන් නිකුත් කරන අතර, නවතම iPhone 7 Plus උපාංගයේ හැඩයට බොහෝදුරට සමාන හැඩයකින් එය නිකුත් වන බවද විදෙස් මාධ්‍යන් හි සඳහන් වෙනවා. 

මෙම ස්මාට් ෆෝනයේ මෙගාපික්සල් 20 සහ 16කින් අනුබද්ධ පසුපස කැමරා පද්ධතියට විශේෂිත සෙන්සරයක් යොදා තිබෙනවා. 

මෙහි තිරය අඟල් 5.5ක්. 

ඇඟිලි සලකුණු ස්කෑනරයේ හැඩය වෙනස් විය හැකි වුවත් එය පවතින ස්ථානය වුනු තිරයට පහළ කොටස මෙවරත් වෙනස් වී නෑ. 

එය ඉහළ වේගයක් දක්වමින් තත්ත්පරයෙන් දහයෙන් දෙකක කාලයකින් අඟිලි සලකුණ හඳුනාගන්නට නියමිතය.

මෙය Snapdragon 835 ප්‍රොසෙරයකින් සමන්විතයි.

OnePlus 3T හිදී ගිගාබයිට් 6ක රැම් අගයක් දැක්වුවද OnePlus 5 හිදී එය ගිගාබයිට් 8ක් වී තිබෙනවා. 

මිලගණන් සම්බන්ධයෙන් පැවසෙන්නේ මෙම උපාංගය ඇමරිකානු ඩොලර් 479කින් අරඹෙනු ඇති බවයි. 

එය ආසන්නව රුපියල් 70,000ක මුදලක්. එසේම මෙහි වැඩි මතක ධාරිතාවයේ සංස්කරණයට අමතරව ඇමරිකානු ඩොලර් 40ක් පමණ එක්වනු ඇති.