Thursday, April 25, 2024

General line - 0115112241

ලන්ඩන් නුවර දී එක වරම වාහනයක් පිරිසක් යට කරයි (PHOTOS/VIDEO)




බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේයී. 

මීට නොබෝ වේලාවකට පෙර නිකුත් වූ විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ සමගම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සියලූ හදිසි සේවා ක්‍රියාවට නැංවූ බව එරට පොලිසිය පවසනවා. 
කෙසේ වෙතත් මෙම සිද්ධියේ වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තාවී නැහැ.

මීට පෙර ද ඉකුත් 03 වන දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී පුද්ගලයින් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් අයි එස් සාමාජිකයින් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. 

ඉන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සැලකිය යුතු පිරිසකට තුවාල සිදු වුණ.