Friday, March 29, 2024

General line - 0115112241

රාජාංගණය, දඹුල්ල සහ මාවතගම හදිසි ගිණි ගැනීම් 03ක්




රාජාංගණය නාරංගස්වැව කැළෑබද ප්‍රදේශයක ගින්නක් හට ගෙන තිබෙනවා. 

ගින්නෙන් අක්කර 50ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. දඹුල්ල මැණික්දෙන රක්ෂිතයේ කන්දක ද ගින්නක් හට ගෙන ඇති අතර ඉන් විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර 05ක්. 

ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිසිය, ප්‍රදේශවාසීන් සහ යුද හමුදාවේ ද දායකත්වය ලබා දී තිඛෙනවා. 

මාවතගම මල්ලියගොඩ හන්දියේ වෙළඳසලක ද හදිසි ගින්නක් හට ගෙන ඇති අතර ඉන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ. 

මෙම හදිසි ගිනි ගැනීම් 03ටම බලපෑ හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.