Thursday, April 25, 2024

General line - 0115112241

කැළණි ගඟෙන් මතු වූ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ 




කැළණි ගගේ තිබී පුද්ගල මළ සිරුර දෙකක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

එක් මළ සිරුරක් සොයා ගැණුනේ බියගම පාර ගිණිපෙට්ටිමෝල අසලදීයි. 

ඒ 119 අංකයට ලද තොරතුරකට අනූවයි. 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි හදුනාගෙන ඇත්තේ. 

මීගමුව පාර රණවිරු මාවත අසල තිබියදී ද තවත් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. 

24 හැවිරිදි ඔහු ද කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 

කෙසේ වෙතත් මෙම මරණ සිදු වූ ආකාර පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව පෑලියගොඩ පොලිසිය පැවසුවා. 

මේ අරත වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් පොල්ලකින් පහරදී 39 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.