Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය සමග ගුරු, විදුහල්පති හා විදුලි සේවකයෝත් වෘත්තීය සටනට




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තවත් වෘත්තීය සමිති කිහිපයක් සටනට අවතීර්ණ වී තිඛෙනවා. 

ඉන් එක් වෘත්තීය සමිතියක් වන්නේ ගුරු විදුහල්පති පෙරමුණයි. 

ඔවුන් පවසන්නේ වසර ගණනාවක් තිස්සේ පවතින ගැටළු රැසකට මෙතෙක් විසදුම් ලබා දී නොමැති බවයි. 

ඒ හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එහි කැදවුම්කරු මහින්ද ජයසිංහ පවසනවා. 

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වන අනෙක් වෘත්තීය සමිති වන්නේ ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිතියයි. 

ඔවුන් කියා සිටියේ අත්තනෝමතික වැටුප් වැඩි කිරීමකට විරෝධය පල කිරීම මෙහි අරමුණ බවයි. 

දුම්රිය සේවකයින් ද හෙට මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. 

තැපැල් සේවකයින් ද ඉකුත්දා දෙදින වැඩවර්ජනයක නිරත වුණා. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනෙන් අද සාකච්ඡා කෙරෙන්නේ ද මෙම වැඩවර්ජනය සම්බන්ධවයි.