Friday, March 29, 2024

General line - 0115112241

එක්දරු පියෙක් නිවස තුල ගෙලවැළලා ගෙන මරුට (VIDEO/PHOTOS)




හැටන් පොලිස් වසමට අයත් රොතැස් වතුයායේ එක්දරු පියෙකු අද (19) නිවස තුලදිම ගෙලවැලලාගෙන මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා. 

මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේ පදිංචි බි.වසන්තන් නැමැති 31 හැවිරිදි එක්දරු පියෙක්.

අදාල පුද්ගලයා නිවස පිටුපස කොන්ක්‍රිටි කණූවක සාරි පොටක එල්ලි මියගොස් ඇති  අතර බිරිඳ සමඟ ඇති වු ආරවුලක් සියදිවි හානි කර ගැනිමට හේතුවි ඇති  බව සිද්ධිය පිළීබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසනවා. 

මෙම මරණය පිළිබදව හදිසි මරණ පරික්‍ෂණය පැවැත්වු අතර එහිදි හිදිසි මරණ පරික්‍ෂණකවරයා හැටන් පොලිසියට පැවසුවේ පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කරන ලෙසයි.