Friday, April 19, 2024

General line - 0115112241

ඩෙංගු මඩින්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්




ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් කොළඹ නගර සීමාව තුළ පිහිටි සියලු මූලික රෝහල්වලට සහ ප‍්‍රාදේශීය රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරුන් යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ අයි.ඩී.එච්. උණ රෝහල ඇතුළු කොළඹ නගර සීමාව තුළ පිහිටි සෑම රෝහලකටම දෛනිකව විශාල ඩෙංගු රෝගීන් ප‍්‍රමාණයක් පැමිණෙන බවයි.

එම නිසා ඇති වන තදබදය අවම කිරිම සඳහා මෙම තීරණය ගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. 

අද දිනය වන විට වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 63987 ක්. ඉන්  27272 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පමණක් රෝගීන් 14189 ක් වාර්තා වී තිබෙනවා. වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට පනස් දෙකක ප‍්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් වීමද විශේෂත්වයක්.