Thursday, April 18, 2024

General line - 0115112241

සම්බන්ධන්ගෙන් විග්නේෂ්වරන්ට පිළිතුරු




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට විරුද්ධව ගෙන ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විග්නේෂ්වරන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දි තිබෙනවා.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසට තමන් කළ නියෝගය වෙනස් කරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත යැවු ලිපියෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින්  සම්බන්ධන් මහතා එලෙස දැනුම් දි තිබෙනවා.

අර්. සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ අමාත්‍යවරුන් වෙත පවතින ස්වාධීන පරීක්ෂණ වෙනුවෙන් තමන් කිසිඳූ බලපෑමක් නොකරන බවයි.

විග්නේෂ්වරන්ට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව ඉවත් කරන ලෙසට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට දැනුම්දෙන බවද එහි තව දුරටත් සඳහන් කර තිබෙනවා.

ඉදිරියේදි විග්නේෂ්වරන් හමුවී සාකච්ජා කිරීමට සුදානම් බවද ආර්. සම්බන්ධන් මහතා අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

මීට අමතරව, පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. අයින්ග‍්‍රනේෂන්ට චෝදනා 10ක් එල්ල වී ඇති අතර අධ්‍යාපන අමාත්‍ය ටී. ගුරුකුලරාජාට චෝදනා 09ක් එල්ල වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට විශ්නාසභංගයක් ගෙන ඒම සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන් අත්සන් කර ගන්නා ලද දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් පහතින් දැක්වෙයි.