Wednesday, April 24, 2024

General line - 0115112241

හාල් ලොරියේ ගැටුණු යතුරුපැදිය ගිනිගෙන විනාශ වෙයි - තරුණයින් දෙදෙනා මරුට (PHOTOS)




දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා - අවුඩන්ගාව ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරත් සමග යතුරු පැදිය ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අකිල සමන් නමැති තරුණයෙක් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තාරක ධනංජය නමැති තරුණයෙක්.

කෙසේ වෙතත් අනතුර සිදුවන්නට ප්‍රථමයෙන් මෙම තරුණයන්ට දඹුල්ල පොලිසියෙන් දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවද වාර්තා වනවා. යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කරවීම සම්බන්ධයෙන් නවතා අවවාද කළ බවද පොලිසිය සඳහන් කළා.