Friday, March 29, 2024

General line - 0115112241

ඉඟුරුකඩෙන් හෂීෂ් මතු වූ හැටි




නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (19) සිදු කළ වැටලීමකදී කොළඹ ඉගුරුකඩේ මංසන්දියේදී අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් මිලියන 2.1 ක වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගැනුනා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යතුරු පැදිය සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාර දී ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ‍