Friday, April 26, 2024

General line - 0115112241

ෂාරුක් ඛාන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් මිළට ගනී




සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් විසින් දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ග්ලෝබල් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිළට ගනු ලැබ තිබෙනවා. 

ඔහු විසින් මෙලෙස මිළදී ගෙන ඇත්තේ කේප් ටවුන් කණ්ඩායමයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා කණ්ඩායමේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරබියන් ලීග් තරගාවලියේ ට්‍රිනිඩෑඩ් කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේද ෂාරුක් ඛාන් විසින්. 

මීට අමතරව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ හිමිකරුවන්ද දකුණු අප්‍රිකානු ග්ලෝබල් ලීග් තරගාවලියේ කණ්ඩායමක් මිළට ගෙන තිබෙනවා. 

පාකිස්තාන සූපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් දෙකක හිමිකරුවන්ද දකුණු අප්‍රිකානු තරගාවලියේ කණ්ඩායම් දෙකක් මිළට ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍යයන්හි දැක්වෙන්නේ.