Friday, March 29, 2024

General line - 0115112241

ඝාතනයකට සම්බන්ධ සිසුවෙකු ඇතුළු තිදෙනෙකු වෙන්නප්පුවේදී අත්අඩංගුවට




වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අතරින් එක් අයෙකු දාහත් හැවිරිදිවියේ පසුවන සිසුවෙක්. 

සෙසු දෙදනා අවුරුදු 26 සහ 27 යන වයස් කාණ්ඩවල පසුවනවා. 

ඔවුන් සියලූ දෙනා වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පුද්ගල ආරවුලක් මත ඉකුත් ඉරිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබුණා.

ඝාතනයට ලක්ව තිබුණේ 39 හැවිරිදි වයික්කාල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.