Saturday, April 20, 2024

General line - 0115112241

පාපන්දු නිලවරණයට සියල්ල සුදානම් - සභාපති පුටුවට මුහුණු හයක් 




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිළවරණය ජුලි මස පළමුවන දින පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා නාම යෝජනා ලබා දීම මේවනවිට අවසන්ව ඇති අතර හය දෙනෙකු  මෙවර සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටිනවා.

හිටපු සභාපතිවරුන් වන රන්ජිත් රොද්‍රිගු සහ අනුර ද සිල්වා මෙන්ම පද්මසිරි මුණසිංහ,ඩී.චන්ද්‍රසිරි,රුක්මල් පෙරේරා ,කේ.පී.පී.පතිරණ යන පිරිසද සභාපති තනතුර සඳහා නාම යෝජනා ලබාදී තිබෙනවා.

ඉන් රුක්මල් පෙරේරා සහ ඩි.චන්ද්‍රසිරි යන දෙදෙනාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ඔවුන් දෙදෙනා යළි අභියාචනා ඉදිරිපත් කර තිබෙන බව පාපන්දු සම්මේලනය සඳහන් කළා.