Thursday, April 18, 2024

General line - 0115112241

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයි




ආපදා සමයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කෙසෙල් ගෙඩි බෙදූ බවට සමාජජාල මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැරි බව කියන තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
 
එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ. 

එහිදි මෙම සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඡායාරූප පළමුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැරියේ තමන් නොවන බවයි. 

තමා සිදුකළේ තමාට ලැබුණු ඡායාරූප ෆේස්බුක් වෙත මුදාහැරීම පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණා. 

ඒ අනුව අදාළ සැකකරු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ලබන 28 වනදා දහවල් 12 න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවයි.

එහෙත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය නවය, හය වගන්තියට අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමටයි පියවර ගෙන තිබුණේ.  

ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සදහා සැකකරුට හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා ඇති බවයි වාර්තා වන්නේ.