Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ පරාජය ඉන්දියාවේදීම සැමරූ 15 ක් අත්අඩංගුවට




චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පාකිස්තානය විසින් දිනාගනු ලැබීමෙන් පසු එහි සතුට සැමරු ඉන්දියානු මුස්ලිම් ජාතිකයින් පහලොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිරිස රතිඤ්ඤා දල්වමින්, ප්‍රිතිඝෝෂා පවත්වමින් පාකිස්තානයේ ජයග්‍රහණය සමරා ඇති බවයි. 

එහිදී ඔවුන් ඉන්දියාවට විරුද්ධවත් පාකිස්තානයට සහාය පළ කරමිනුත් අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. 

මෙම පිරිස අත්අඩංගුවට ගැණුනේ මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි. 

ඔවුන් මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.