Tuesday, March 19, 2024

General line - 0115112241

ඩෙංගු මඩින්න එන අලුත්ම මෙහෙයුම




ඩෙංගු මදුරුවන් මර්දනයට බී ටී අයි බැක්ටීරියාව යෙදීමේදී ගැටලූ රැසකට මුහුණපෑමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සදහන් කළේ බැක්ටීරියාව යෙදීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීම ප්‍රධාන ගැටලුවක් බවයි. 

ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන බැක්ටීරියාවද සාර්ථක ප්‍රතිඵල අත්කරදීමට කලක් ගතවනු ඇති බවයි  ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර වැඩිදුරටත් කියාසිටියේ. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

මේ අතර ඩෙංගු රෝග මර්දනයට ඇති ප්‍රධානතම විසදුමක් වන්නේ කසල කළමණාකරණය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ඒ සදහා නව ක්‍රමවේද අවශ්‍ය බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ.

ජනතාව දැනුවත් කිරීම සදහා ඉදිරියේදී කඩිනම් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කිසියම් ගැටලූවක් වෙතොත් ඒ පිළිබද දැනුම්දීම සදහා විශේෂ දුරකතන අංක අද දිනයේදී ප්‍රකාශ කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ගතයුතු සහ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබද ඉදිරියේදී ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමටත් සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)