Friday, April 26, 2024

General line - 0115112241

ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි - සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාර




මෙතෙක් වෙලා නිහඬව සිටි පොලිසිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ක් අත්පත් කරගෙන සිටින සරසවි සිසුන් විසුරුවා හැරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

සරසවි සිසුන් විසින් අදාළ ගොඩනැගිල්ලට දැඩි හානි සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් පොලිසිය විසින් මේ වන විට ගොඩනැගිල්ලේ රැඳී සිටින සරසවි සිසුන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් සරසවි සිසුන්ද විවිධ දෑවලින් පොලිසිය වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.