Thursday, April 25, 2024

General line - 0115112241

ගොඩනැගිල්ලෙන් පළවා හැරි සිසුන්ට දිගට හරහට ප්‍රහාර - 80 ක් රෝහලේ (VIDEO)




සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන් ඉන් පළවා හැරීමෙන් පසු ලිප්ටන් වටරවුම අවට සිසුන් පිරිස රැස්වී විරෝධතා දැක්වීමට ආරම්භ කළා.

පොලිසිට මේ වන විට එම ස්ථානයටද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී බැටන්පොලු ප්‍රහාරද එල්ල කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් මේ වන විට තුවාල ලබා ඇති පිරිස 80 ක් පමණ වන බවයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



 

----------------------------------

ගොඩනැගිල්ලෙන් සරසවි සිසුන් පළවා හරි -  45 ක් රෝහලේ

(2017 - 06 - 21 17:18)

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කළ අතර මේ වනවිට එහි ඇතුළුවූ සියලු සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ප්‍රහාරවලින් තුවාල ලැබූ සිසුන් 40 ක් පමණ රෝහල් ගත කර ඇති බවයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්ද 05 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.

මේ වන විට උද්ඝෝෂකයින් පළවා හැරීමට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් ඇති අතර සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් පිටතට පැමිණ අවට මාර්ග ඔස්සේ දුව ගිය බවයි වාර්තා වෙන්නේ.