Friday, March 29, 2024

General line - 0115112241

පොලිස් මෙහෙයුමෙන් තුවාල ලද සරසවි සිසුන්ගෙන් ජාතික රෝහල පිරෙයි (PHOTOS)




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) දහවල් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූවා. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.