Thursday, March 28, 2024

General line - 0115112241

තවත් පනත් කෙටුම්පතක් සම්මත වෙයි




අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (21) සම්මත වුණා.

යම් පුද්ගලයෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙම කාර්යාලයට පැමිණිල්ලක් ලැබීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් අදාළ පුද්ගලයා දක්නට නොමැති බවට සහතිකයක් නිකුත් කිරීම මෙම කාර්යාලයේ වගකීමක් වනවා.

තමන් පිළිබඳ හෙළි නොකරන ලෙස යම් අයෙක් ඉල්ලීමක් සිදු කළහොත් එලෙස හෙළිදරව් නොකිරීමේ හිමිකම එම කාර්යාලයට තිබෙන බව ද මෙම පනතේ දැක්වෙනවා.