Tuesday, April 16, 2024

General line - 0115112241

"ලොකු පැටියා" ආයුධ පෙන්නයි




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර ඉකුත් දා පිළියන්දල දී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයට යොදා ගත් මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් ඉංගිරිය ප‍්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කිහිප දෙනෙකු මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. 

‘‘ලොකු පැටියා’’ යන අන්වර්ත නාමයෙන් හැදින්වෙන සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම පිස්තෝලය සොයා ගෙන තිබෙනවා.

මෙම වෙඩි ප‍්‍රහාරය සඳහා ටී - 56 වර්ගයේ ගිනි අවියක් සහ මිලි මීටර් 09 වර්ගයේ පිස්තොල දෙකක් යොදා ගෙන ඇති බවටයි ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ. 

ඉකුත්දා සිදු වූ මෙම වෙඩි තැබීමෙන්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකු සහ 11 හැවිරිදි දැරියක් මිය ගියා. සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන්ද තුවාල ලැබුවා.