Thursday, April 25, 2024

General line - 0115112241

දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී




අද (22) අලුයම දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත දේවස්ථානයක් අසල මාර්ගයකදී මෙම ගිනි ගැනීම සිදු ව තිබෙනවා. 

මෙම ගින්න හේතුවෙන් ඒ අසල තිබූ තවත් කාර් රථයකට හා වෑන් රථයකට ගිනි ඇවිලි අලාභ හානි සිදු වුණා. කෙසේවෙතත් දෙමටගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනවා.