Wednesday, April 17, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය තවත් දැඩි කරයි (UPDATE)




අද (22) උදෑසන 8.00ට ආරම්භ කළ වෛද්‍ය වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

------------------------------

වෛද්‍ය වර්ජනයෙන් උණ රෝගීන්ට තරු පෙනෙයි

(2017 - 06 - 22 12:12)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) පෙරවරු 8.00 සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී තිබෙනවා.

මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ සාකච්ඡාවක් ද කැඳවා ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ. 

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් පීඩාවට පත්ව සිටිනවා. දුර සිට පැමිණ සිටි ඇතැම් රෝගීන් සඳහන් කළේ වෛද්‍ය වර්ජනය පිළිබඳව තමන් කිසිවක් නොදැන සිටි බවයි.

මේ දිනවල රටේ පවතින තත්ත්වයත් සමග උණ රෝගීන් වැඩි වශයෙන් රෝහල් කරා පැමිණෙමින් සිටිනවා. 

සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය සැළසුම් කළා.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම් නොකඩවා සිදු වෙන බවයි.