Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරියේ එන ආපදා තත්ත්වයක් ගැන ජනතාව දැනුවත් කරයි




හෙට (23) රාත‍්‍රියේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලට වැඩි වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ඉදිරි දින 03 දී ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 65ත් 100ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ හේතුවෙන් නායයාම් අවදානම් සහිත ප‍්‍රදේශවල සිටින ජනතාව දැනුවත් කරමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.