Wednesday, April 17, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාවට අතිරේක පොලිසිය - විශ්වාසභංගයක් ගෙනා  'මහ ඇමතිගේ යෝජනාවට' අද වෙච්ච දේ  




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු එම පළාත් සභාව අද පළමුවරට රැස් වුණා. 

ප්‍රධාන අමාත්‍යවරයා එහි දී යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වීම ද විශේෂත්වයක්. 

ස්වර්ණාභර අළෙවිසැල් සහ උකස් මධ්‍යස්ථාන රක්ෂණය කිරීම අදාළ යෝජනාව වුණා. 

මේ අතර උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ආසන පනවා ඇති ආකාරය ද අද සංශෝධනය කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

ප්‍රධාන අමාත්‍යවරයාට ආසන්න ආසනවලින් තම්බිරාජා කුරුකුරුරාජා සහ පී. ඓන්ගරනේෂන් යන මන්ත්‍රීවරුන් ඉවත් කර තිඛෙනවා.

ඒ වෙනුවට එම ආසන ලබා දී ඇත්තේ පද්මනාදන් සත්‍යලිංගම් සහ බාලසුබ්‍රමනියම් දෙනීෂ්වරන් යන මන්ත්‍රීවරුන්ටයි. මන්ත්‍රීවරු තුන් දෙනෙකු අද සභාවට පැමිණ සිටියේ නැහැ. 

අද සභා රැස්වීමේ දී උතුරු පළාත් සභාවට අතිරේක පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණා. 

මීළඟ  සභා රැස්වීම ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.